ටෙස්ට් තරගවලට ගිල්ව ආරක්ෂා කරගන්න ඉන්දියාවෙන් සැලැස්මක්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය 20-20 කණ්ඩායමේ උප නායක ශුබ්මන් ගිල් ක්‍රීඩා නොකරන බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු බංග්ලාදේශය සමඟ ලබන 19 වනදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා නම්කර තිබෙනවා.

නවසීලන්තය සමඟ ලබන ඔක්තෝම්බරයේ ආරම්භ වන තරග තුනක ටෙස්ට් තරගාවලිය සඳහා ගිල්ව එක්කර ගැනීමේ අරමුණ ඇතිව බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස තරගාවලියේ දී ඔහු විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

විස්සයි විස්ස තරඟ තුන ඔක්තෝබර් 07, 10 සහ 13 යන දිනයන්වල දී පැවැත්වෙන අතර, නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරඟය ආරම්භ වන්නේ ඉන් දින තුනකට පසු එනම් ඔක්තෝබර් 16 වනදායි.

ඒ, අනුව ගිල්ට විවේකයක් අවශ්‍යවීම හේතුවෙන්, බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියෙන් පසු ආරම්භවන විස්සයි විස්ස තරගාවලියේ දී ඔහුව ව්වේක ගැන්වීමට තීරණයකර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාව කෙරෙහි වැඩි අවදානයක් යොමුකිරීම හේතුවෙන් ඉන්දියාව මේ වනවිට ක්‍රීඩකයින් කළමනාකරණය පිළිබඳව ඉතා සුකෂමව කටයුතු කරන බවයි වාර්තා වුණේ.

ඒ, අනුව වේග පන්දු යවන්නන් වන ජස්ප්‍රිත් බුම්රා සහ මොහොමඩ් සිරාජ්ට ද සීමිත පන්දුවාර තරගාවල දී විවේකයක් ලබාදෙනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊට අමතරව රිෂාබ් පාන්ට් ද දිගු තරග ආකෘති සඳහා අවශ්‍ය බැවින් ඔහු කෙරෙහි ද මෙම අවදානය යොමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40