ටෙස්ට්, එක්දින සහ 20-20 තරගාවලියක් වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම ජුනි මාසයේ දිවයිනට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන මේ වනවිට නිකුත්කර තිබෙනවා.

මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරගාවලියක්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් ඇතුළත්.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජුනි 17 වනදා ගාල්ලේ දී ආරම්භ වනවා.

රටවල් දෙක අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එය ආරම්භ වන්නේ ජුනි 25 වනදායි.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජුලි මස දෙවනදායි.

දෙවන එක්දින තරගය ජුලි මස 05 වනදා පැවැත්වෙන අතර, මෙම තරග දෙකම දිවා රාත්‍රී තරග ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

තුන්වන එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ජුලි මස 08 වනදා දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනවා.

එමෙන්ම තරග තුනකින් සමන්වින විස්සයි විස්ස තරගාවලිය ජුලි 10 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ආරම්භවීමට නියමිතයි.

දෙවන විස්සයි විස්ස තරගය ජුලි 13 වනදා දඹුල්ලේ දී සහ තුන්වන විස්සයි විස්ස තරගය ජුලි 16 වනදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරග සංචාරය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මස 13 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

WhatsApp Image 2025 05 05 at 3.37.20 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42