ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවා දුන්නේ නැහැ – යාලුවටත් කියලා තිබ්බා දෙන්න එපා කියලා

ලංකාවේ මියුසික් වීඩියෝවල මෙන්ම පුංචි තිරයේ කැපී පෙනන නළුවෙකු වන කැළුම්.. මේ ඔහුත් එක්ක සිදුකල කතාබහක පුංචි කරුණු කිහිපයක්..

කැළුම්, මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙනවා. ඒ අතරින් හොඳයි කියලා සි‍ෙතන නිර්මාණ තෝරාගෙන ඒවාටත් සම්බන්ධ වෙනවා

නළුවෙක් වීම කැළුම් පුංචි කාලේ දැකපු හීනයක්ද?

ඉස්කෝලේ යන කාලේදී කවුරු වෙන්නද ආසා කියලා කවුරු හරි ඇහුවොත් ඒකට ආසාවෙන් හිටපු චරිතයක් මට තිබුණේ නැහැ. හැබැයි කාලයකට පස්සේ යන යන තැන මිනිස්සු හඳුනාගන්න, ජනප්‍රිය කෙනෙක් වෙන්න මට ආසාවක් ඇතිවුණා. ඒක නළුවෙක් වීමට කියලා කියන්න බැහැ. හැබැයි කුමන ක්ෂේත්‍රයකින් හෝ ජනප්‍රිය කෙනෙක් වෙන්න ආසා කළා.

පාසැලේදී කැළුම් මොනවගේ චරිතයක්ද?

මම ඉගෙන ගත්තේ පිළිමතලාව ධීරානන්ද මධ්‍ය මහා විදුහලෙයි. පාසැලේදී ගමේදී මම නිහඬ චරිතයක්. හැංගිච්චි චරිතයක්. කිසිම බාහිර ක්‍රියාකාරකමකට සහභාගි වුණේ නැහැ. අඩුම තරමේ රුස්වීමකදී හෝ පන්තියේදී හෝ කවියක් කියන්න තිබුණොත් මම එදාට ඉස්කෝලේ ගියේ නැහැ. ඒ තරමටම මම කිසිම දේකට ඉදිරිපත් නොවුණ චරිතයක්.

කැළුම්ගේ පවුලේ විස්තර ටිකක් කියන්න.

මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මමයි, මල්ලියි. අප්පච්චි ව්‍යාපාරිකයෙක්. මගේ මල්ලි මේ වෙද්දී ජපානයේ ඉන්නේ. මල්ලි මට වඩා අවුරුදු දෙකක් බාලයි. නුවර ඒ ගතකරපු ළමා කාලය හරි සුන්දරයි. මට ඒ කාලේ හොඳම යාළුවෝ හතර දෙනෙක් හිටියා. අදටත් අපේ ඒ යාළුකම ඒ විදිහටම තිබෙනවා. අපි වෙල්වල නැටුවා. මඩ නාගෙන සෙල්ලම් කළා. ඒ වගේ හරි අපූරු ළමා කාලයක් මට තිබුණා. අදටත් ඒ අතීතය මතක් වෙද්දී හරි ආසයි. අපිට කිසිම දේකට අප්පච්චි, අම්මා තහංචි දැම්මේ නැහැ. අපේ ළමා කාලය උපරිමයෙන් විඳින්න ඒ නිදහස ඒ දෙන්නා ලබලා දුන්නා. මම පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ රස්සාවක් කරන්න ආසා කළා. ඇත්තම කිව්වොත් පාසැල් යන කාලේ ඉඳන්ම මම විලාසිතාවලට හරි ආසයි. ඉස්සර ඉස්කෝලේ නිල ඇඳුම් මදිද්දී කරද්දී පිටේ මකුළු දැලක් වගේ හිටින්න තමයි මැද්දේ. ඒ නිසා මම පාසැල් අධ්‍යාපනය අවසන් කරලා බ්‍රුන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධ වෙන්න හිතුණා. ඒ වෙද්දී මම ගෙදරදී නර්තනය කළා. එක මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙලයි හිටියේ. බ්‍රුන්ඩෙක්ස් ආයතනයේ ඉසුරු අයියා හොඳ තනතුරක් කරපු කෙනෙක්. ඉසුරු අයියා හෙට වුණත් මම ඔයාව ගන්න පුළුවන්. හැබැයි ඔයාට වෙනම හැකියාවක්, ආසාවක් තියෙන බව මට පේනවා. ඒ නිසා අවුරුද්දක් විතර ඒකට උත්සාහ කරන්න. බැරි වුණොත් බ්‍රුන්ඩෙක්ස් එකට එන්න කියලා කිව්වා. ඒ වෙද්දී ජනප්‍රිය වෙන්න, මේ ක්ෂේත්‍රයට එන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා රස්සාවක් කරන හීනය අතහැරලා මම කලාවට එකතු වෙන්න මේකට මහන්සි වුණා.

නුවර ඉඳන් කොළඹ ඇවිත් මේවාට සම්බන්ධ වෙද්දි කොළඹ නතර වෙන්න තැනක් තිබුණාද?

මුලින්ම මම මියුසික් වීඩියෝවලට තමයි සම්බන්ධ වුණේ. නුවර ඉඳන් කොළඹ ඇවිත් නතර වෙන්න මට තැන් තිබුණාට මම නතර වුණේ නැහැ. මට ඉක්මනට වැඩේ ඉවරවෙලා ගෙදර එන්නයි ඕන වුණේ. ඒ කාලේ එහෙම කොළඹ නතරවෙලා කරන වැඩ මට තිබුණේ නැහැ. ඒ නිසා උදේ පාන්දර බස් එකෙන් කොළඹ ඇවිත් වැඩේ ඉවරවෙලා ආයෙත් මහ රූ මම බස් එකෙන් නුවර ගියා.

අද වෙද්දි කැළුම් නර්තනයටත් යම් හැකියාවක් ඇති කලාකරුවෙක්?

අපේ අප්පච්චි මම පොඩි කාලේ මාව කරාටේ වලට දැම්මා. ඒ කරාටේ නිසාම තමයි මම නර්තනයට නැඹුරු වුණේ. පුංචි කාලේ ඉඳන් තිබුණ ඒ හැකියාව තමයි මේ අද මාව නර්තන ශිල්පියෙක් දක්වා එක්කගෙන ඇවිත් තිබෙන්නේ.

කැළුම් අද වෙද්දී ආදරණීය සැමියෙක්? පියෙක්?

ඔව්. මම විවාහවුණේ දුලී ප්‍රනාන්දු සමඟ. අපිට දැන් අවුරුදු එකයි මාස තුනක චූටි පුතෙක් ඉන්නවා. ඒ ශ්‍රී ආර්ය දසිස්. දුලීව මට මුණගැහුනේ අහම්බෙන් ඒ කාලේ මට කොළඹ යනවා එනවා. මොකක්දෝ වැඩකට කොළඹ ඇවිත් ඉඳිද්දී මගේ යාළුවෙක් එයාගේ උපන්දින සාදයට මටත් ආරාධනා කළා. මට නුවර යන්නෝනේ… කියලා මුලදී අදි මදි කළත් ආයෙත් යාළුවගේ බල කිරීමට සාදයට සහභාගි වුණා. ඒ යාළුවාගේ බිරිඳගේ හොඳම යාළුවා තමයි දුලී. එදා එයත් සාදයට ඇවිත් හිටියා. එදා තමයි මම දුලීව මුලින්ම දැක්කේ. නොම්මරය ඉල්ලුවාට දුන්නේත් නැහැ. ඒ නිසා මම දුලී ගැන හොයන්න පටන් ගත්තා. යාළුවාට වුණත් කියලා තිබිලා මට නොම්බරය දෙන්න එපා කියලාත්. ඒ නිසාම මමම මහන්සි වෙලා දුලී ගැන හොයලා ඒ ආදරය කොහොම හරි දිනාගත්තා. අවුරුදු හයකට පස්සේ අපි දෙමව්පියන්ගේ ආශීර්වාදය ඇතිව විවාහ වුණා.

අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

සුන්දරයි. දුලී එක්ක චූටි පුතා එක්ක ගෙවන මේ ජීවිතේ සුන්දරයි. වැඩක් කරලා ගෙදර ආවට පස්සේ ඒ දෙන්නා එක්ක ගෙවද්දී හිතට ලොකු සැනසීමක් සතුටක් දැනෙනවා. මම මේ ජීවිතයට හරි ආදරෙයි.

දිශානි ජයමාලි

image f805ca5ccb


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40