ටෙක්සාස් ගංවතුරෙන් මියගිය ගණන ඉහළට – ළමුන් 15 දෙනෙකුත් ඒ අතර

ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ටෙක්සාස් හි හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙලෙස මියගිය පිරිස අතර ළමුන් 15 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ගංවතුරෙන් පසු අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සඳහා සිය ගණනක් ගලවා ගැනීමේ භටයින් යොදවා තිබෙනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් පැවසුවේ සෙවීමේ උත්සාහයන් වැඩි දියුණු කිරීම සඳහා පුළුල් කරන ලද ආපදා ප්‍රකාශයකට අත්සන් කළ බවයි.

ගලවා ගැනීමේ කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් අවධානය යොමුකර ඇත්තේ ග්වාඩලුප් ගං ඉවුරේ පිහිටා තිබූ ගැහැණු ළමයින් 750ක් පමණ සිටි ගිම්හාන කඳවුර වෙත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ටෙක්සාස් ආණ්ඩුකාර ඩෑන් පැට්‍රික් වැඩිදුරටත් පැවසුවේ අතුරුදහන් වූ ගැහැණු ළමයින් 27 දෙනාගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 12ට අඩු බවයි.

මේ අතර ග්වාඩලූප් ගංගාවේ ජල මට්ටම එකවර ඉහළ යාම හේතුවෙන් ඇතිවූ ගංවතුරත් සමඟ විපතට පත්වූවන් 850ක් පමණ බේරාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම සති අන්තයේ මධ්‍යම ටෙක්සාස් හි තවත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනාවැකිකරුවන් අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53