ටී.අයි.ඩීය අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක ගල්කිස්ස උසාවියට රැගෙන එයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට රැගෙන විත් තිබෙනවා.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මෝටර් රථයක් තුළ තිබූ බාගයක තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව ඊයේ උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත රැගෙන එනු ලැබුවා.

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලක තිබී පසුගිය අඟහරුවාදා රන් පැහැ ගැන්වූ ටී – 56 වර්ගයේ ගිනි අවියක් සොයාගත්තේ පොලිසිය ලැබුණු තොරතුරකට අනුවයි.

එම ගිනි අවිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26