ටී.අයි.ඩීය අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක ගල්කිස්ස උසාවියට රැගෙන එයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට රැගෙන විත් තිබෙනවා.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මෝටර් රථයක් තුළ තිබූ බාගයක තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව ඊයේ උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත රැගෙන එනු ලැබුවා.

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලක තිබී පසුගිය අඟහරුවාදා රන් පැහැ ගැන්වූ ටී – 56 වර්ගයේ ගිනි අවියක් සොයාගත්තේ පොලිසිය ලැබුණු තොරතුරකට අනුවයි.

එම ගිනි අවිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.