ටික්ටොක් හිමිකාරිත්වය ගැන ඇමරිකාව සහ චීනය අතර නව ගිවිසුමක්

ටික්ටොක් හි ඇමරිකානු මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් වොෂින්ටනය, චීනය සමඟ ගිවිසුමකට එළඹුණු බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා.

මැඩ්රිඩ් හි පැවති වෙළඳ සාකච්ඡාවල දී එක්සත් ජනපද හිමිකාරිත්වයට මඟ පෑදීම සඳහා මෙම ගිවිසුමේ මුලික රාමුව සකස් කර ඇති බවයි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ.

ඒ, අනුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එළෙඹෙන සිකුරාදාඅදාළ ගනුදෙනුව සම්පූර්ණ කරනු ඇති බවයි ඔහු පැවසුවේ.

එළඹීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ චීන සමාගම්වල අවශ්‍යතාවලට හානි කරමින් කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවයි.

එළඹීමට නියමිත නව ගිවිසුමත් සමඟ ටික්ටොක් හි චීන හිමිකරුට තම ඇමරිකානු මෙහෙයුම් සඳහා ගැනුම්කරුවෙකු සොයා ගැනීමට හෝ එක්සත් ජනපදයේ වසා දැමීමකට නැත්නම් තහනමකට මුහුණදීමට සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?