ට්‍රම්ප්ට මරණීය තර්ජන

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනයක් ආකාරයේ පණිවුඩයක් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි ඔහුගේ නිල වෙබ් අඩවියෙහි පළ කර ඇත. එම ප්‍රහාරය එල්ල කරන බවට ඉඟි කර ඇත්තේ ට්‍රම්ප් ගොල්ෆ් පිටියක ක්‍රීඩා කරමින් සිටින අතරය. මෙයට අදාළ සංස්කරණය කරන ලද ඡායාරූපයක්ද එහි පළ කර තිබේ.

ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටින ආකාරයත්, ඔහුට ඉහළින් ඇති ප්‍රහාරක ගුවන්යානයක හෝ ඩ්‍රෝන යානයක සෙවණැල්ලක් ඔහු මත වැටී ඇති ආකාරයත් එහි දැක් වේ. මෙම ඡායාරූපය සමග කෙටි වැකියක්ද පළ කර තිබේ. එහි සඳහන් වන්නේ ‘පලිගැනීම ස්ථිරයි’ යනුවෙනි. පසුගිය වසරේ ජනවාරි මාසයේ ඇමරිකාව විසින් ඉරානයේ ඉහළම හමුදා ප්‍රධානියකු වූ ජනරාල් කාසෙම් සුලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයක් හරහා ඝාතනය කරන ලද අතර ඉරානය ට්‍රම්ප්ගෙන් පලිගන්නට සැරසෙන්නේ ඒ වෙනුවෙන් බව පෙනේ. සොලෙයිමානි ඝාතනයට උපදෙස් දුන්නේ ට්‍රම්ප් බව ඒ දිනවල සඳහන් විය.

ඉහත කී තර්ජනය අලි කමෙනිගේ ට්විටර් ගිණුමකද දක්නට ලැබුණු බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් පසුව එය එම ගිණුමෙන් ඉවත් කර තිබූ බැව් පැවසේ. ‘සොලෙයිමානිගේ ඝාතනයට අණ දුන් ඔහුගේ මිනීමරුවාට වන්දි ගෙවීමට සිදුවනු ඇත’ යනුවෙන් එහි සඳහන්ව තිබී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11