ට්‍රම්ප් – පුටින් හමුව කාලය නාස්ති කිරීමක් ද ?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් අතර හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව කල් දැමීමට තීරණය වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ එම සාකච්ඡාව කාලය අපතේ යැවීමක් ද, එසේ නොවන්නේ ද යන්න තහවුරුකර ගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කල් දැමීමට තීරණයකර ඇති බවයි වොදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්රේනය සම්බන්ධ යුද්ධය විසදීම වෙනුවෙන් ට්‍රම්ප්ගේ පාර්ශවය විසින් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව පැවත්වීමට නියමිතව තිබූ නමුත් ට්‍රම්ප් විසින් පසුගිය දා ධවල මන්ධිරයේදී මාධ්‍යවේදීන් වෙත පවසා ඇත්තේ ඵලරහිත සාකච්ඡාවක් සිදු කිරීමෙන් කාලය නාස්ති නොකළ යුතු බවයි.