ඩොලර් මිලියන 83.3ක වන්දික් ගෙවන ලෙස ට්‍රම්ප්ට අධිකරණ නියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිව සිටිය දී ලේඛිකා ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3ක වන්දි මුදලක් ගෙවීමට නිව් යෝර්ක්හි අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ලේඛිකා ඊ ජීන් කැරොල් පවරා තිබූ මෙම අපහාස නඩුව විභාගයේ දී ජූරි සභාව පැවසුවේ චිත්තවේගීය හා කීර්තිනාමයට හානි කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 18.3ක් සහ දඬුවම් හානි සඳහා ඩොලර් මිලියන 65ක් වන්දි වශයෙන් ගෙවන ලෙසයි.

1990 දශකයේ මැද භාගයේ දී මෑන්හැටන් හි බර්ග්ඩෝෆ් ගුඩ්මන් වෙළඳසැලක ඇඳුම් පැළඳුම් කාමරයක දී ඔහු ඇයව දූෂණය කළ බවට ප්‍රකට විලාසිතා සඟරාවක් වන එල්ලේ සඟරාවේ හිටපු තීරු ලිපි රචිකාවක් වූ ඊ. ජීන් කැරොල් 2019 නොවැම්බර් මාසයේ දී ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරුවා.

කෙසේ වෙතත් මීට මාස පහකට පෙර ට්‍රම්ප් එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

නඩුවේ තීන්දුව ලැබීමෙන් අනතුරුව කැරොල් පැවසුවේ මෙය “කාන්තාවක් පහත් කිරීමට උත්සාහ කළ සෑම හිරිහැර කරන්නෙකුගේම දැවැන්ත පරාජයක්” බවයි.

ඊයේ දිනයේ පැවති අවසන් නඩුවාරය සඳහා හිටපු ජනාධිපතිවරයා උසාවියට පැමිණ සිටි නමුත් තීන්දුව කියවන අවස්ථාවේ දී ඔහු අධිකරණ ශාලාවේ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

මෙම නඩුව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ප්‍රචාරක කටයුතු කරන අතරතුර ට්‍රම්ප්ට එරෙහිව දිග හැරෙන නීතිමය ගැටලු කිහිපයෙන් එකක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37