spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් මිලියන 83.3ක වන්දික් ගෙවන ලෙස ට්‍රම්ප්ට අධිකරණ නියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිව සිටිය දී ලේඛිකා ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3ක වන්දි මුදලක් ගෙවීමට නිව් යෝර්ක්හි අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ලේඛිකා ඊ ජීන් කැරොල් පවරා තිබූ මෙම අපහාස නඩුව විභාගයේ දී ජූරි සභාව පැවසුවේ චිත්තවේගීය හා කීර්තිනාමයට හානි කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 18.3ක් සහ දඬුවම් හානි සඳහා ඩොලර් මිලියන 65ක් වන්දි වශයෙන් ගෙවන ලෙසයි.

1990 දශකයේ මැද භාගයේ දී මෑන්හැටන් හි බර්ග්ඩෝෆ් ගුඩ්මන් වෙළඳසැලක ඇඳුම් පැළඳුම් කාමරයක දී ඔහු ඇයව දූෂණය කළ බවට ප්‍රකට විලාසිතා සඟරාවක් වන එල්ලේ සඟරාවේ හිටපු තීරු ලිපි රචිකාවක් වූ ඊ. ජීන් කැරොල් 2019 නොවැම්බර් මාසයේ දී ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරුවා.

කෙසේ වෙතත් මීට මාස පහකට පෙර ට්‍රම්ප් එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

නඩුවේ තීන්දුව ලැබීමෙන් අනතුරුව කැරොල් පැවසුවේ මෙය “කාන්තාවක් පහත් කිරීමට උත්සාහ කළ සෑම හිරිහැර කරන්නෙකුගේම දැවැන්ත පරාජයක්” බවයි.

ඊයේ දිනයේ පැවති අවසන් නඩුවාරය සඳහා හිටපු ජනාධිපතිවරයා උසාවියට පැමිණ සිටි නමුත් තීන්දුව කියවන අවස්ථාවේ දී ඔහු අධිකරණ ශාලාවේ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

මෙම නඩුව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ප්‍රචාරක කටයුතු කරන අතරතුර ට්‍රම්ප්ට එරෙහිව දිග හැරෙන නීතිමය ගැටලු කිහිපයෙන් එකක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?