ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු දියණිය ඉවන්කාගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්කකර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහුගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සිය එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් ඉවන්කා ට්‍රම්ප් පවසන්නේ, තම පියාට සහ පෙන්සිල්වේනියාවේ බට්ලර්හි දී ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ අනෙක් අය වෙනුවෙන් සිදුකළ යාච්ඤාවලට සහ දැක්වූ ආදරයට ස්තූතිවන්ත වන බවයි.

“රහස් සේවයට සහ අනෙකුත් සියලුම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ඔවුන්ගේ ඉක්මන් හා තීරණාත්මක ක්‍රියාමාර්ග ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම අපේ රට වෙනුවෙන් දිගටම යාඥා කරනවා. මම ඔයාට ආදරෙයි තාත්තේ, හැමදාමත්.” යනුවෙන් ඉවන්කා වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණා.

මේ අතර ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසන්නේ ට්‍රම්ප්ට බරපතල තුවාල සිදු නොවීම සහනයක් ගෙන දෙන්නක් බවයි.

ට්‍රම්ප්ට සහ ඔහුගේ පවුලේ අයට මෙන්ම මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සහ බලපෑමට ලක් වූ සියලු දෙනා වෙනුවෙන් යාඥා කරන බවයි කමලා හැරිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

එමෙන්ම මෙවැනි ප්‍රචණ්ඩත්වයට අපගේ ජාතියේ තැනක් නොමැති බවත්, අපි සැවොම මෙම පිළිකුල් සහගත ක්‍රියාව හෙළා දැකිය යුතු බවත් ඇය පවසනවා.

පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති මැතිවරණ රැළියක් අතර තුර හිටපු ජනාධිපතිවරයා මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර, වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කන ප්‍රදේශයට තුවාල සිදුව තිබුණා.

මේ අතර රැළියට සහභාගී වී සිටි අයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ වෙඩි හඬ නැඟීමට පෙර රයිෆලයක් අතැතිව මිනිසෙකු අසල වහලක් මත බඩගාමින් සිටිනු දුටු බවයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මැතිවරණ රැළියේ ප්‍රේක්ෂකාගාරයේ සිටි එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මේ අතර FBI රහස් ඔත්තු සේවය සඳහන් කළේ වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34