ට්‍රක් රථයක කුඩා දරුවෙකු ඇතුලු 18කගේ මළ සිරුරු

බල්ගේරියාවේ අතහැර දමා ගිය ට්‍රක් රථයක් තුළ තිබී කුඩා දරුවෙකු ගේ ඇතුළු පුද්ගලයන් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව බල්ගේරියානු පොලිසිය සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට රජය පවසන්නේ.

මෙම ට්‍රක් රථය නීතිවිරෝධී ලෙස සංක්‍රමණිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවට සැක කෙරෙනවා.

එම රථයේ සිටි තවත් ළමුන් පස් දෙනෙකු ඇතුළු 34 දෙනෙකු කඩිනමින් රෝහල් ගත කර ඇති අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවයි බල්ගේරියා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ට්‍රක් රථයේ සිටි අය දැඩි සීතලෙන් පීඩා විඳිමින් සිට ඇති අතර දින කිහිපයකින් ආහාර නොගත් බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

බල්ගේරියාවේ අගනුවර වන සොෆියා නුවරට ඊසාන දෙසින් කිලෝමීටර් 20ක පමණ දුරක තිබියදී මෙම ට්‍රක් රථය සොයා ගැනුණා.

එම රථයේ සැඟවුණු මැදිරිවල සංක්‍රමණිකයන් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය පවසනවා.

මෙම සිදුවීම බල්ගේරියාවේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වාර්තා වූ මාරක සිදුවීමක් ලෙසටයි සැලකෙන්නේ.

තුර්කියේ සිට යුරෝපා සංගමයේ රටවලට ඇතුළු වීමට උත්සාහ කරන විශාල පිරිස හේතුවෙන් බල්ගේරියාව දිගු කලක සිට දැඩි අරගලයකට මුහුණ දී සිටිනවා.

ට්‍රක් රථය තුළ සිරවී සිටි පිරිසට ඔක්සිජන් හිඟය, දැඩි ශීතල,මෙන්ම දින කිහිපයක් තිස්සේ නිරාහාරව සිටීම හේතුවෙන් මරණයට පත්ව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මියගිය පිරිස ඇෆ්ගනිස්ථානයේ සිට නීති විරෝධීව සර්බියාවට ගමන් කරමින් සිටි පිරිසක් බවට බල්ගේරියා පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් එක් අයෙකු මිනිස් ජාවාරම සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇති අයෙක් බව සඳහන්.

තුර්කියේ සිට යුරෝපා රටවලට ඇතුළු වීමට උත්සාහ කරන පුද්ගලයින්ට දැඩි හිංසන සිදු කරන බවට ද බල්ගේරියාවට චෝදනා එල්ල වී ඇති අතර, සරණාගතයින් පවසන්නේ ඔවුන්ගේ මාර්ග අවහිර කර අත්අඩංගුවට ගෙන නිරුවත් කර පහර දුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29