ජෝතීර්වේදීයෙකු පවුලක් විනාශ කල හැටි

එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ දී පිරිමි නැකතකින් උප්පත්තිය ලබන්නේ ගැහැනු දරුවෙක්. ඉතින් මේ පියා විසින් ඔහු බාලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා.

එයාට නිමිත්ත බලපු මනුස්සය කියල තියෙන්නේ ගැහැනු දරුවෙක් ඉපදුණොත් පියා අනිවාර්යයෙන් ම මියයන බවත් සහ නැතිනම් දෙමව්පියන් විරසක වන බවටයි. ඉතින් ඇය ඉපදෙන විටම තම පියා විසින් මේ ගැහැනු දරුවා තම දියණිය ලෙස භාර අරගෙන නෑ.

ඒකත් එක්කම තම බිරිදට බලපෑම් කරන්නේ දරුවා අතහරින ලෙසය. වෙනකාට හරි හදාගන්න දෙන්න, පවුලෙන් ඈත් කරන්න වගේ දේවල්.

ඒත් මේ මව කිසිවිටෙකත් තම කුසින් වැදූ දරුවා ඇගෙන් වෙන් කරන්න දීලාත් නැති අතර ඇය ඒ ගැන සිතලවත් නෑ. ඉතින් මේ කිසිදෙයක් නොදන්න දරුවා අම්මට අවශ්‍යවීමත්, පියාට අනවශ්‍යවීමත් කියන කාරණාව උඩ දෙදෙනාට නීති මාර්ගයට යන්න සිද්ධ වනවා.

ඒ වන විට එම පියා විසින් මවගෙන් වෙන්ව ජීවත් වන අතර, ඇයට තර්ජනය කරන්නෙ දරුවා ජීවිතක්ෂයට පත් කරන බවයි. දරුවා අයින් කරන්න බැරිනම් ජීවිතක්ෂයට පත්කරන බව පුන පුනා කියූ නිසා මේ අම්මා දරුවාගේ පියාට විරුද්ධව උසාවි යනවා,

ඒ වනවිට රටේ තිබුණු නීතිය තමයි පිරිමි දරුවා මවට, ගැහැනු දරුවා පියාට කියන නීතිය. නමුත් හැත්තෑ හතේ ආණ්ඩුක්‍රම සංශෝධනයේදී හබයාස්කෝපුස් පනතෙන් අවුරුදු පහට අඩු සියලුම දරුවන් මවට කියන නීතිය යටතේ ඇය තම දරුවා වෙනුවෙන් සටන් කරනවා. තනිවම දරුවා ඇකයේ තුරුළුකරන් තම සැමියාගෙන් මේ නොදරුවාව ඇය තමන්ගේ තනි අයිතියට ගන්නවා.

ඒ අනුව ලංකාවේ හබයාස්කෝපුස් පනත අනුව අම්මෙකුට භාරදෙන පළවෙනිම දරුව වන්නේ මේ දරුවා.ඒ අනුව මේ දරුවා හට මවගේ වාසගම හිමිවෙනවා.

ඉතින් ඔය නඩුව තමයි අදටත් නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳව ඉගැන්වීම්වලදී කතා කරන සහ උගන්වන නඩුව.

මේ දරුවා කවුද?

ඇය තමා පියාගේ ආදරය නොලැබුනත් මුලු රටක් එකසේ ආදරය කරන අප රටේ අග්‍රගන්‍ය රංගන ශිල්පිණියක් වන දුලීකාමාරපන.
පසුකාලීනව ඇය රූපවාහිණී වැඩසටහනකදී මේ පිළිබදව සංවේදීව කියූ දෑ වලින් උපුටාගත් සටහනකි.
මේ දින වල නාලිකා වලින් අමුතු අනාවැකි කියන නිසා මට මේ ලිපිය ලියන්නට සිතුණි.

Copyright credit – මෙම ලිපියේ මුල් රචකයා වෙත
උපුටා ගැනිමකි සටහන දුලාන් දිසානායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයන් ඉදිරියේ සජිත්ගෙන් සැර කතාවක්..ඡන්ද ඇතත් එකයි නැතත් එකයි අපි ගාව ඔය බොරු නෑ..
08:16
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය
00:47
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31


?