ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි,ඔබ හරියටම හරි..

රාජ්‍ය සම්මාන දිනු ගත් කතුවරයෙකු වන මොහොන් රාජ් මඩවල “පොතට පතට ආදරය කරන කියවන මිනිසුන්” හොදින් හදුනන චරිතයකි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් මෙම අරගලකරුවන් සිරකල යුතුයි වැනි වැනි ප්‍රකාශයන් කිහිපයක් කරනු අප මාධ්‍ය හරහා දුටුවා.එයට පිළිතුරු වශයෙන් මොහොන් රාජ් මඩවල ආණ්ඩුව නියෝජනය කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු ආමාත්‍යවරයා ආමන්ත්‍රනය කරමින් ඔහු තම මුහුනුපොතේ පිටුවේ ඔහු මුහුන දුන් සංවේදී සිදුවීමක් අකුරු කර තිබුනේ මෙසේය.

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි,
ඔබ හරියටම හරි..
මේ කූට අරගලයේ නිරතවන සහ,
ඔවුන්ට සහයෝගය දෙන මොවුන්
වහා සිරගත කළ යුතුයි..

දිනය – 2022 අප්‍රේල් 05
වේලාව – ප. ව. 3.00ට පමණ
ස්ථානය – නුගේගොඩ විජේරාම හන්දිය.
තවමත් තද අව් රස්නය සහිත ඒ වෙලාවේ තරුණයන් තිදෙනෙකු පදික වේදිකාව දිගේ ඇවිදගෙන යයි. වැඩි කතාබහක් නැතිව ඔවුන් කෙලින්ම ගමන් කරන්නේ විජේරාම හන්දියේ බෝ ගහ පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයක් වෙතය. පළමු තරුණයා කඩයට ඇතුලු වී එහි අයිතිකරු යැයි සිතිය හැකි මැදිවියේ මිනිසාට තම අවශ්‍යතාව ඉදිරිපත් කරයි.
” අංකල්, ලොකු වතුර බෝතල් සීයක්..”
දෙවැනි තරුණයා එයට තවත් වචන කීපයක් එක් කරයි.
” පුලුවන් නං පොඩි ඩිස්කවුන්ට් එකක් දාල දෙන්ඩ..”
ඒ අතර තෙවැන්නා තම ඩෙනිම් කලිසම් සාක්කුවට අත දමා රුපියල් 50, 100, නෝට්ටු කොල මිටියක් එලියට ගනියි.
” ලොකු පෙට්ටි තුනකට ඔක්කොම දාල දෙන්ඩද.? “
මුදලාලි විමසයි.
පළමු තරුණයා එයට ‘හා’ යැයි කියා හිස සොලවන අතර අස්වාභාවික ආමන්ත්‍රණයක් ඔවුන්ට පිටුපසින් ඇසෙයි.
” පුතාලා, අද කීයටද පටන් ගන්නෙ..? “
ඔවුන් පිටුපස වැඩිහිටියන් දෙදෙනෙකි.
තරුණයන් තිදෙනා මොවුන් කිසිදාක දැක නැති බව ඔවුන්ගේ මුහුණේ වූ විමතියෙන් අනුමාන කළ හැකිය. එහෙත් දෙවැනි තරුණයා වහා මෙලෙස ප්‍රශ්න කරන්නේ අනෙක් දෙදෙනා අර විමතිය තුළ ගිලී සිටින අතරය.
” මොකක්ද අංකල්..? “
” පුතාලගෙ පිකටින් එක..”
තරුණයා ඔරලෝසුවේ වෙලාව බලා පිළිතුරු දෙයි.
” හවස පහට විතර..”
” හ්ම්..”
මද නිහැඩියාවකි. ඒ අතර අර දෙවැනි වැඩිහිටි මිනිසා මුදල් ගණන් කරමින් සිටින තරුණයා දෙස බලයි.
” ඕගොල්ලො එකතු කරපු සල්ලි වෙන්ඩැති..”
” ඔව්.. අපි පොඩි සම්මාදමක් දැම්ම..”
” ඕක තියාගන්ඩ..”
තරුණයන් තිදෙනා ඒ දෙවැනි මිනිසා දෙස නැවත හැරී බලන්නේ විමතියෙන් යුතුවය. එහෙත් ඔහු ඒ බැල්ම මායිම් නොකර කමිස සාක්කුවෙන් එලියට ගත් රුපියල් පන්දහසේ නෝට්ටුවක් කෙලින්ම කඩේ මුදලාලි වෙත දික් කරයි.
” ලොකු වතුර බෝතල් තුන්සීයක්ම දාන්ඩ. මේ සෙනගෙ හැටියට බෝතල් සීයක් මක් කරන්ඩද.? “
කිසිවක් සිතාගත නොහැකි ඊලග නිමේෂයේ නැවත කතා කළේ පළමු මිනිසාය.
” අපි හැමෝම මොකද කරන්නෙ කියල හිත හිත හිටපු වෙලාවෙ, පුතාල තමයි මුලින්ම එලියට බැස්සෙ..”
ඒ සමඟ ඔහු කඩයේ ඉදිරිපස දෙස හැරී බැලුවේය. ටයිටස් හෝ සැම්සන් වැනි නමක් කියා කාටදෝ කතා කළේය. එවිට ලොකු ෂොපිං මලු හතර බැගින් අතින් ගත් තවත් මිනිසුන් දෙදෙනෙක් ඉදිරිපස සිනාසෙමින් සිටිනු දැකගත හැකිවිය.
” මේ අර ඉස්සරහ බේකරියෙ මුදලාලි..”
ඔහු මිනිසුන් දෙදෙනාගෙන් එක් අයෙක් තරුණයන් තිදෙනාට හදුන්වා දුන්නේය.
” මෙයා තමයි මුලින්ම යෝජනා කළේ පුතාලට උදව් කරන්ඩ ඕන කියල.. මොකද පුතාල උගුර ලේ රහ වෙනකං කෑගහල කියන්නෙත්, අපේ හිතේ තියෙන දුක..”
ඒ සිනාසෙන ඇස් අග දිලිසෙන කඳුලු බිඳුවක් තරුණයන් තිදෙනාට දැකගත හැකිවිය. ඒ සමඟ අර පළමු මිනිසා මෙසේ පවසන අයුරු ඔවුන්ට සිහිනයෙන් මෙන් ඇසිණි.
” මෙතන තියෙනව මාලු පාන් පන්සීයක්.. රුපියල් සීයක් දීල මාලු පාන් ගෙඩියක් ගන්ඩ දැන් කීයෙන් කී දෙනාටද පුලුවන්..? “
……………………………………..
……………………………………..
……………………………………..
ගරු ඇමැතිතුමනි.. ඔබ නිවැරදියි..
ඇගේ අමාරුවට බොරුවට කෑගහන මෙවැනි තරුණයන් මෙන්ම, ඔවුන්ට සහයෝගය දෙන මෙවැනි වැඩිහිටියන්ද වහා සිරගත කළ යුතුයි.
ඔබට ජය..!

මෙයට,
මොහාන් රාජ් මඩවල..
( ඉහත සිදුවීම සත්‍ය සිදුවීමකි.)

image 28


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43