ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම වෙයි

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයෙන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් පූර්ව විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ, මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළව ලබාදී ඇති ලේඛන පරීක්ෂා කර දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතන සේවකයින් එම ආයතනයේ රාජකාරිවලින් ඉවත් කර, දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම ආයතනයේ හිටපු සභාපති ජෙරාඩ් ප්‍රනාන්දු, සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48