ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව මැයි 10

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති අල්ලස් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (27) නියමකලා.

2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීමට එරෙහිව හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකොට තිබුණා.

ඒ අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා නගමින්.

කෙසේ වෙතත් මෙම විමර්ශනයේදී අවශ්‍ය කොමසාරිස්වරුන් තිදෙනාගේම නිර්දේශය ලබාගෙන නොමැති බැවින් නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් මූලික විරෝධතාවයක් මතුවූ අතර එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නඩුව විභාගයට ගැනීමට නියම කළා.

ඒ අනුව එම නඩුව මැයි මස 10 වනදා යළි කැඳවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12