spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජේ ෂා හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ජාත්‍යන්තර තහනමක් පැනවීමේ කුමන්ත්‍රණයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර තහනමක් පැනවීමේ කුමන්ත්‍රණයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණයක් සිදුකළා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂා හරහා පැය 72ක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා මෙලෙස තහනමක් පැනවීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට රැස්වූ ගජමිතුරු කල්ලියක් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි.

පාර්ලිමේන්තු සභාවේ දී අද (10) දින අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අනාවරණය සිදුකර සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කර සිටියේ එලෙස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවහොත් අන්තර් පාලක මණ්ඩලයේ කටයුතු අවසන් කර මාස 06ක් හෝ 08ක් ඇතුළත කඩිනමින් නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?