එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් මහත්මියගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එම ගිණුම්වල පළ වන තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසය තැබීමෙන් වළකින ලෙසයි, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.
ජුලි චන්ග් මහත්මියගේ නිල තොරතුරු ඇයගේ X ගිණුමෙන් ලබාදෙනවා.
ඇය හට Facebook, Instagram හෝ Telegram හි ගිණුම් නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.













