ජුනි 03 දේශබන්දුගේ සිද්ධියට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට තීරණයක්

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස
යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ දී සාකච්ඡා කිරීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තු
නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය යන දෙපාර්ශ්වයෙන්ම පිළිගැනීම් කිහිපයකට එකඟත්වය හිමි වුණා.

මෙම කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය හිමිවූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ
විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ
සාමාජිකත්වයෙන් මෙම කමිටුව ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම එකඟතාවයකට එළඹිය හැකි පිළිගැනීම් කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් හබ කළ යුතු කරුණු පෙන්වා දුන්නා.

ඒ අනුව හබ කිරීමක් තොර කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මූලික එකඟතාව පළ වුණා.

පසුව චෝදන‍ාවලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම එළඹෙන 03 වැනිදා ප.ව. 2.00ට කම්ටුව රැස්වී සිදු කිරීමට දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වූ අතර, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාළ දිව්රුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 9 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණා.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්න ඇසීම එළඹෙන 11 වැනිදා සහ ඉන්පසු 16 වැනිදා සිට දිනපතා පෙ.ව. 9.30 සිට පරීක්ෂණ කමිටුව රැසුවීමට තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38