spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජී.එල්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පොහොට්ටුව සැරසෙයි

පසුගිය දා සමගි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ මහාචාර්‍ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විධායක සභාව තීරණය කර තිබෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පසුගියදා සමගි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි ඔහු කියා සිටියේ.

මහාචාර්ය ජී එල් පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු බවත් එහි සාමාජිකත්වය දරණ අතර වාරයේ වෙනත් දේශපාලන පක්ෂ සමඟ ගිවිසුම් වලට එළැඹීමෙන් සිය පක්‍ෂයේ විනය නීති කඩකිරීමක් සිදුකර ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ, හේතුවෙන් මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු සමගි ජන බලවේගය සමඟ එක් වූ අනෙකුත් පක්ෂ සාමාජිකයින්ට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය ලබාදුන් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?