ජීවිත 18ක් බේරමින් බෝට්ටුවක් ඇදගෙන මුහුද මැදින් පිහිනාවිත් ඔලිම්පික් ආ වීරවරිය

“සැබෑවිය නොහැකි සේ පෙනුනත් ඔබ සිහින දැකීම කිසිදිනක අත්හැර දමන්න එපා.මක්නිසාද යත් ඒ ඔබේ ජීවිතය කිනම් දෙසකට ගලාගෙන යන්නේදැයි කිසිවෙකුත් නොදන්නා නිසායි.”
මෙහෙම කියන්නේ ‘යුස්රා මර්ඩිනී’යි.ලෝකයේ අඳුරු මුල්ලක සිට යුරෝපයේ සෞභාග්‍යමත් අන්තයක් දක්වාත් එතැනින් ක්‍රීඩකයෙකුට යා හැකි උසස්ම තරඟාවලිය වන ඔලිම්පික් තරඟ සඳහාත් පිහිනා ගිය යුස්රා සම්බන්ධයෙන් ඒ කතාව සම්පූර්ණ සත්‍යයක්.

ජාතික මට්ටමේ පිහිණුම් පුහුණුකරුවෙකු වූ සිය පියාගේ ආභාෂයෙන් ඇගේ ජානතුල පිහිණීමේ හැකියාව ලියවී තිබුනා. කෙදිනක හෝ ඔලිම්පික් තටාකයක පිහිනීමේ සිහිනය ඈ සිය ආත්මය තුලට කාවද්දා ගත්තේ ඒ බැඳීමත් සමගයි. නමුත් නොසිතූ ලෙසින් ඇයගේ සුන්දර සිරියානු දේශයත්, ඔලිම්පික් සිහිනයත් නිමාවක් නොපෙනෙන අඳුරු වලාවකින් වැසීගියා. සිරියානු යුද්ධය විසින් ඇය පදිංචි වී සිටි දමස්කස් නගරයත් ඇගේ නිවසත් සුන්බුන් ගොඩක් බවට පත්කර දැමුවේ අනුකම්පා විරහිත අයුරෙන්.තවදුරටත් සිරියාවේ ජීවත්වීම, එකඳු රිදී ඉරක් හෝ නොපවතින කළු වළාවකින් සිය අනාගතය වසාදමා ඇතිබව වටහා ගත් යුස්රාත් ඇයගේ වැඩිමල් සොයුරියත් සිරියානු භූමිය අතැර යාමට තීරණය කරනවා.2015 වසරේ අගෝස්තුවේදී සරණාගතයන් ලෙසින් ඒ දීර්ග පාදයාත්‍රිකාව ආර්ම්භ කරන විට යුස්රා අවුරුදු 17ක් පමණක් වයස නවයෞවනියක්.

සිරියාවෙන් ලෙබනනයටත්,එතැනින් තුර්කියටත් ඇවිද ආ ඇයත් සොයුරියත් තුර්කි වෙරළෙන් සරණාගතින් පටවන බෝට්ටුවකට ගොඩවෙන්නේ මධ්‍යධරණි මුහුද තරණය කර ග්‍රීසියට යෑමේ අභිලාශයෙන්.හය දෙනෙකු පමණක් දරාගත හැකි අබලන්වූ කුඩා ඩිංගි බෝට්ටුවට වෙනත් තෝරාගැනීමක් නොමැති සරණාගතයන් විසිදෙනෙකු ගොඩවෙනවා.නමුත් අවාසනාවට දියඹට බැස මිනිත්තු 15ක් යාමට මත්තෙන් අබලන් බෝට්ටුවේ අබලන් මෝටරය ක්‍රියාවිරහිත වෙනවා.සරණාගතයන්ගෙන් පිරීගිය,නිසි අරමුණකින් තොරව ඔහේ පාවෙමින් තිබූ බෝට්ටුව මධ්‍යධරණි මුහුදේ දියරැලි වල ප්‍රචණ්ඩ පහරකෑමට ලක්වෙනවා.ජීවිත විස්සත් සමගින් බෝට්ටුව ගිලීයෑමේ අවධානම ඔන්න මෙන්න කියා තිබියදී ජීවිතය පරදුවට තබූ යුස්රා සහ ඇගේ සොයුරිය මුහුදට පැන මරණයෙ සෙවණැල්ලට අතවනමින් පැද්දෙමින් තිබූ බෝට්ටුව ස්ථාවර කරමින් ඒ මත සිටි ජීවිතත් සමගින්ම බෝට්ටුව තල්ලු කරගෙන පිහිනා යාමේ මාරන්තික ක්‍රියාන්විතය ආරම්භ කරනවා. සුළු මොහොතකින් තවත් පිරිමින් දෙදෙනෙකු ඔවුන් හා එක්වෙනවා. හතර දෙන බෝට්ටුවත් ඇදගෙන මධ්‍යධරණි මුහුද සමග පැය තුන හමාරක අරගලයක නිරව වී අවසානයේ ග්‍රීසියේ වෙරළට නිරුපද්‍රිතව ලඟාවෙන්නේ මහාසාගරයටත් බිඳ හෙලිය නොහැකි අපිරිමිත මනුශ්‍ය දහිරියේ බල මහිමෙන්.

ග්‍රීසියේ වෙරළට ගොඩබට යුස්රා ඇතුළු කණ්ඩායම එතැන් සිට යුරෝපය හරහා රාජ්‍යයන් 6ක් පසුකර ජර්මනියට ලඟාවෙනවා. අවසානයේ ජීවිතය උදෙසා සිදුකල දින 25ක දීර්ඝ චාරිකාව ජර්මනියේ හැම්බර්ග් නුවරින් අවසන් වෙන්නේ හැම්බර්ග් නුවර යුස්රාගේ නිත්‍යය නවතැන බවට පත්කරමින්.වර්තමානයේ ඇය ජීවත් වෙන්නේ එහියි.එසේම යුස්රාගේ ඔලිම්පික් සිහිනය සැබෑවක් වන්නෙත් එහිදීයි. ඇය ජර්මනියට පැමිණි වසරට පසු වසරේම ඇයට ඔලිම්පික් වරම ලැබෙනවා.ඒ 2016 රියෝ ඔලිම්පික් උළෙලට සරණාගතයින්ගේ කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට ලැබීමෙන්.

යුස්රාගේ අභියෝගාත්මක දිවිසැරිය පිළිබඳ ලෝකය පුරා කතාබහට ලක්වෙන්නේ ඒ සමග. ඇයගේ දිවිසැරියේ අත්දැකීම් ඇතුලත් චරිතාපදාන ග්‍රන්ථයක්ද ලියවී තිබෙනවා. එසේම ලොව පුරා විවිධ නාලිකාවල විවිධ වැඩසටහන්වල ඇයගේ මුහුණ නිතරම පෙනෙන්නට තිබුනා. එසේම නුදුරේදීම ඇයගේ කතාව රැගත් සිනමාපටයක් හොලිවුඩයෙන් දැකගන්න ලැබේවි. ඒ සියළු ඇගයීම් යුස්රාගේ දහිරියට, නිර්භීතකමට සහ උත්සාහයට ලද ත්‍යාගයන්.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහාද ඔලිම්පික් ධජය යටතේ පැමිණි සරණාගතයින්ගේ කණ්ඩායම සඳහා ඇයගේ නියෝජනය ඇතුලත්.
පසුගිය ජූලි 24 වෙනිදා පැවති තරඟයෙදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අනීකා ගෆූර්ට පිටුපසින් පිහිනාවිත් තෙවනියට තරඟය නිමා කල ක්‍රීඩිකාව වන්නේ ඉහත කතා නායිකාවයි. ඇය විසිතුන් හැවිරිදි ක්‍රීඩිකා “යුස්රා මර්ඩිනී’ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09