ජීවිත 15ක් නැතිකර කට්ටි පනිමින් සිටි බස් රියදුරා පොලිස් දැලේ

2009 දී වැලිකන්ද පොලිස්‌ වසමේ සෙවනපිටිය දුම්රිය හරස්‌ මාර්ගයේදී ආරක්ෂිත දුම්රිය වැට කඩාගෙන ධාවනය කිරීමෙන්‌ බස්‌ රථය දුම්රියේ ගැටී මගීන්‌ 15 දෙනෙකුට මරණය සිදුකිරීම හා තවත්‌ පුද්ගලයින්‌ 40 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා වලට වරදකරු වූ බස්‌ රථයේ රියදුරුට 2023.09.22 වන දින පොළොන්නරුව මහාධිකරණය මගින්‌ නඩුවේ තීන්දුව ලබා දෙමින්‌ මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙම රියදුරු අවසන්‌ වරට 2022.08.05 වන දින ගරු මහාධිකරණයේ පෙනී සිට ඇති අතර ඉන්පසු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්‌ ඔහු හට වරෙන්තු නිකුත්වී තිබුණි.

ඔහු අධිකරණය මග හරිමින්‌ සිටියදී 2024.02.14 වන අද දින උදෑසන කාලයේදී වැලිකන්ද පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්‌ කණ්ඩායමක්‌ විසින්‌ වැලිකන්ද නගරයේදී අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

අත්‌අඩංගුවට ගන්‌ වරෙන්තුකරු වයස අවුරුදු 39 වන වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැලිකන්ද පොලිස්‌ ස්ථානය මගින්‌ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.