spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවිතයේ ගත් අසීරුම තීන්දුව ජනපති මුල්වරට හෙළිකරයි

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (30) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බවයි.

තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත්, රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම විශේෂ රැස්වීම සඳහා පළමු වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් ද එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ වනවිට රට තුළ පවතින දේශපාල හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?