ජීවිතයක් නැති කරමින් විනෝද චාරිකාව අතරමග නතර වෙයි (ඡායාරූප)

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් රඹෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් බස් නැවතුම්පළක රැදී සිටි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹෑව ප්‍රදේශයේ සිට කොළඹ බලා යාම සඳහා බස්නැවතුම්පළක රැඳී සිටි පුද්ගලයෙක්.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි පිරිසක් විනෝද චාරිකාවක් සඳහා යාපනය දක්වා යමින් සිටියදී ඔවුන් ගමන් ගත් වෑන් රථය අද අලුයම රඹෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක සිටි අයෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් දස දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති අතර තුවාල ලැබූ ඔවුන් ඇතුලත් කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

මියගොස් ඇත්තේ රඹෑව කෑදෑව ප්‍රදේශයේ පදිංචි 38ක් පමණ වයසැති අයෙක්. අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26