spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවිතයක් නැති කරමින් විනෝද චාරිකාව අතරමග නතර වෙයි (ඡායාරූප)

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් රඹෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් බස් නැවතුම්පළක රැදී සිටි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹෑව ප්‍රදේශයේ සිට කොළඹ බලා යාම සඳහා බස්නැවතුම්පළක රැඳී සිටි පුද්ගලයෙක්.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි පිරිසක් විනෝද චාරිකාවක් සඳහා යාපනය දක්වා යමින් සිටියදී ඔවුන් ගමන් ගත් වෑන් රථය අද අලුයම රඹෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක සිටි අයෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් දස දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති අතර තුවාල ලැබූ ඔවුන් ඇතුලත් කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

මියගොස් ඇත්තේ රඹෑව කෑදෑව ප්‍රදේශයේ පදිංචි 38ක් පමණ වයසැති අයෙක්. අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
9
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?