spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවන වියදම පිළිබඳව ප්‍රශ්න විසඳන්න ජනපතිගෙන් කමිටුවක්

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපිත කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් හත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් එය ස්ථාපිත කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සංයුතිය පහත දැක්වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර අමාත්‍යවරයා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහාය වීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවක් ද පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?