spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජිවන වියදමට එරෙහිව ජවිපෙ විරෝධතා අරඹයි (PHOTOS)

ජනතා විමුක්ති පෙරමුණ වැඩි වන ජිවන වියදම් තෙල් මිල සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරිත්වය ගත් තීරණයකට අනුව දිවයිනේ පළාත් රැසක බිම් මට්ටමින් විරෝධතා ව්‍යාපාර පටන් ගෙන තිබෙනවා.

එම විරෝධතා වලට සමගාමිව අද උදෑසන දඹුල්ල නගරයේදී පැවැත්වුණා.

මෙහිදී අදහස් දක්වමින් දඹුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායක මෙන්ම පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන සුනිල් බියන්විල මහතා අදහස් දක්වමින් කියා සිටියේ මින් පෙර මෙම රජයට විරුද්ධව උද්ඝෝෂණය සිදු කරත් මෙම උද්ඝෝෂණ මාලාව ඊට වඩා වෙනස් පැත්තක් ගන්නා බවයි.

ඊට හේතුව වශයෙන් මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම වෙනුවෙන් පක්ෂය ගත් තීරණයකට අනුව මෙම උද්ඝෝෂණ මාලාවන් දිවයිනේ ආසන මට්ටමින් සිදු කරමින් යන බවයි. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් මුළු රටේම ජනතාව පාරට බැස්සවීමට සිදුවන බව ඔහු රජයට අවධාරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?