ජිමී ඇන්ඩර්සන්ට නයිට් පදවිය හිමිවෙයි

එංගලන්තය වෙනුවෙන් මෙතෙක් බිහි වූ ප්‍රමුඛතම ටෙස්ට් කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියක් ලබාගෙන තිබෙනවා.

වසර 22ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 188කදී කඩුලු 704ක් දවාගත් 43 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන්ට වින්ඩ්සර් මාලිගයේ දී මෙම නයිට් පදවිය පිරිනමා ඇති බවයි වාර්තාවන්නේ.