ජැෆ්නා කිංග්ස් – කලම්බෝ ස්ටාර්ස් තරගයේ කාසියේ වාසිය කලම්බෝ ස්ටාර්ස් පිළට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (10) පැවැත්වෙන දෙවන තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලබා දීමටයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා තරගය ආරම්භවීම ප්‍රමාද වුණා.