ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනු ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පැවති අතර විවාදය අවසානයේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී පොන්නම්බලම් මහතා පනත් කෙටුම්පත සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

මේ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 48ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 7ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 41කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත වුණා.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වූ අතර මේ අනුව පනත් කෙටුම්පත ස‍ංශෝධන සහිතවයි සම්මත වූයේ.

මේ අතර අද විවාදයට ගන්නා ලද ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද සම්මත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52