ජාතික ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ඩි.බි.පි.එච්. දිසාබණ්ඩාර පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්.ඩි.සි.ඒ. පෙරේරා සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි සභාපති ලෙස ඉංජිනේරු පි.වි.ඒ. හේමලාල් පත් කිරීමට එම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ.

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් මෙම කාරක සභාව ඊයේ (26) රැස් වුණා.