spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹෙයි

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසල දී යි.

මෙවර සමරනු ලබන්නේ දශක 03ක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත්කළ යුද ජයග්‍රහණයේ 14 වන සැමරුමයි.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, මැති ඇමැතිවරුන්, හිටපු ජනාධිපතිවරුන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙනුයි මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්වන අතර දිවි පිදු රණවිරුවන්ගේ ඥාතීන් ද ඊට සහභාගී වී සිටිනවා.

ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා විශේෂ රථවාහන වැඩපිළිවෙලක් යොදා ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?