‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ ජනපතිට

‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසිනුයි කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඊට අදාළ අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ඇතුළත් කර ‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ සකස් කර තිබෙනවා.

අනතුරුව එය අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාවේ National Physical Planning Council (NPPC) අනුමැතිය සඳහා මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර හමුවක් ඊයේ සිදු වුණා.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සහ පාර්ලිමේන්තු ආංශීක අධීක්ෂණ කාරක සභා තුළ තරුණ සහභාගීත්වය ඉහළ නංවා ගැනීමේ දී UNDP හි සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24