ජාතික බදු සතිය’ අදින් (02) ආරම්භ වීමට නියමිතයි.
එහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 09.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්හ වනවා.
අදින් ආරම්භ කෙරෙන බදු සතිය ‘බදු ශක්ති’ නමින් නම් කර ඇති අතර, එය ජූනි 07 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
මෙම සතිය තුළ දී බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදීම සහ දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1



