ජාතික ප්‍රතිපත්ති සැකසීමට විශ්ව විද්‍යාල සම්බන්ධ කරගැනීමේ තීරණයක්

ජාතික ප්‍රතිපත්ති සැකසීම සදහා උපකුලපතිවරුන් හරහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහය ලබා ගැනීමේ ඉදිරි සැලැස්ම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම සාකච්ඡාව සිදුවිය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, දිවයිනේ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු ආචාර්යවරු පිරිසක් එක්ව සිටි මෙම රැස්වීමේදී අනුකාරක සභාව විසින් හදුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර යටතේ කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමට අදාල මූලික සැලැස්ම පිළිබදව එකගතාවක් ඇති විණි.

ඒ අනුව ප්‍රමුඛතාව පරිදි එක් එක් ක්ෂේත්‍රයන් සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරු සම්බන්ධ කරගෙන කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මූලික සැලැස්ම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ජාතික සභා අනු කමිටුව මගින් සැකසීමටත් ඒ අනුව ඉදිරිකටයුතු සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

මෙහිදී අදහස් දක්වමින් අනු කාරක සභාපති ගරු නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙරට ප්‍රතිපත්ති සම්පාදනය සදහා වෙනම කාර්යංශයක් ස්ථාපිත කිරීමටත් ඒ අනුව අදාළ නෛතික වෙනස්කම් පාර්ලිමේන්තුව හරහා ඉටු කිරීම සදහා ජාතික සභාවට යෝජනා කිරීමට අපේක්ෂා කරන බවයි.

අමාත්‍ය ගරු නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ගරු සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඒ.එල්.එම් අතාවුල්ලා, ගරු පවිත්‍රා වන්නිආරච්චි, ගරු වජිර අබේවර්ධන සහ ගරු සාගර කාරියවසම් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23