ජාතික ප්‍රතිපත්ති සැකසීමට විශ්ව විද්‍යාල සම්බන්ධ කරගැනීමේ තීරණයක්

ජාතික ප්‍රතිපත්ති සැකසීම සදහා උපකුලපතිවරුන් හරහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහය ලබා ගැනීමේ ඉදිරි සැලැස්ම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම සාකච්ඡාව සිදුවිය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, දිවයිනේ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු ආචාර්යවරු පිරිසක් එක්ව සිටි මෙම රැස්වීමේදී අනුකාරක සභාව විසින් හදුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර යටතේ කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමට අදාල මූලික සැලැස්ම පිළිබදව එකගතාවක් ඇති විණි.

ඒ අනුව ප්‍රමුඛතාව පරිදි එක් එක් ක්ෂේත්‍රයන් සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරු සම්බන්ධ කරගෙන කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මූලික සැලැස්ම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ජාතික සභා අනු කමිටුව මගින් සැකසීමටත් ඒ අනුව ඉදිරිකටයුතු සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

මෙහිදී අදහස් දක්වමින් අනු කාරක සභාපති ගරු නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙරට ප්‍රතිපත්ති සම්පාදනය සදහා වෙනම කාර්යංශයක් ස්ථාපිත කිරීමටත් ඒ අනුව අදාළ නෛතික වෙනස්කම් පාර්ලිමේන්තුව හරහා ඉටු කිරීම සදහා ජාතික සභාවට යෝජනා කිරීමට අපේක්ෂා කරන බවයි.

අමාත්‍ය ගරු නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය ගරු සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඒ.එල්.එම් අතාවුල්ලා, ගරු පවිත්‍රා වන්නිආරච්චි, ගරු වජිර අබේවර්ධන සහ ගරු සාගර කාරියවසම් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24