ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමේ සැලැස්ම පිළිබඳ අවධානය

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමේ මාර්ග සැලැස්ම පිළිබඳව කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ හා මහජන අදහස් හා යෝජනා විමසීමෙන් පසු ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නුදුරේදී ඉදිරිපත්කරන බවයි එම අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

එසේම මෙහිදී මෙරට සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රසම්පාදනය ක්‍රියාවලිය විද්‍යුත් තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීම (e-Procurement System) පිළිබඳව මින් පෙර රැස්වීමේදී දෙන ලද නියෝගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා වුණා. මේ අනුව මෙම ක්‍රමවේදය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව අනු කාරක සභාවේ සභාපති පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මේ වර්ෂයේ ජූනි මාසය වන විට කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක් සඳහා අත්හදාබැලීම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ.

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම මගින් පහසු සහ ඉක්මන් සේවයක් ඇතිකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ සඳහා සැලසුම් කර ඇති වැඩපිළිවෙළ හා එහි වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන් ඉදිරිපත්කිරීමක් සහිතව පැහැදිලි කිරීමද මෙහිදී සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23