ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ශ්‍රී ලංකාවේ දේශ සීමා ආරක්‍ෂණය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration – IOM) සහ ඔස්ට්‍රෙලියානු හා කැනඩා රජයේ අනුග්‍රහයෙන් මීට දශකයකට පමණ ඉහතදී හඳුන්වාදෙන ලද සමෝධානික දේශසීමා ආරක්‍ෂණ මූලෝපාය (Integrated Border Management Strategy) එවකට දේශසීමා හරහා මෙරටට ඇතුළු වූ විවිධාකාරයේ තර්ජන සඳහා විසඳුම් යෝජනා කර තිබූ අතර, ඒ අතරින් නීතිවිරෝධී ව වෙනත් රටවලට සංක්‍රමණය වීමේ ගැටළුව ප්‍රධාන වශයෙන් සළකා බලා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම මූලෝපාය අනුව මෙරට දේශසීමා ආරක්‍ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සහ මූලෝපායන් සබැඳි තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව (National Border Management Committee – NBMC) නමින් ආරක්‍ෂක ලේකම්වරයාගේ නායකත්වය යටතේ ආරම්භ කර ඇති බවයි.

මේ වන විට සැසි වාර 8ක් ද එහි පවත්වා තිබෙනවා.

කෙසේ වුව ද 2021 වසරින් පසුව එම කමිටුව නැවතත් රැස්වී නැහැ.

සමෝධානික දේශසීමා ආරක්‍ෂණ මූලෝපාය යටතේ යෝජනා කොට ක්‍රියාවට නංවන ලද ප්‍රත්‍යන්ත අවධානම් ඇගයීමේ මධ්‍යස්ථානය (Border Risk Assessment Centre) පමණක් මේ වන විට ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව, කලාපය මෙන්ම ලෝකය තුළ ද වර්ධනය භූ දේශපාලන සහ ආරක්‍ෂක තත්වයන් පිළිබඳව හා විධිමත් දේශසීමා ආරක්‍ෂණයෙහි ඇති වැදගත්කම පිළිබඳව සළකා බලා ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ මඟපෙන්වීම යටතේ වසර ගණනාවක් අකර්මණ්‍ය මට්ටමේ පැවති ජාතික දේශසීමා කළමනාකරණ කමිටුවේ (NBMC) නව වැනි සැසි වාරය මැයි මස 30 වන දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී පැවැත්වුවා.

විදේශ අමාත්‍යාංශය, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව ඇතුළු දේශසීමා සම්බන්ධ ක්‍රියාත්මක වන ආයතන මෙන්ම දේශසීමා ආරක්‍ෂණය සඳහා දායක වන නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, වෙරළ ආරක්‍ෂක බළකාය ඇතුළු සියළුම ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී වැදගත් තීරණ සහ එකඟතාවයක් රැසකට එළැඹුණා.

රට තුළ සිදුවන ආර්ථික සංවර්ධනය තුළින් එය සංවර්වධන ඉලක්ක කරා ගෙන යෑම සඳහා ජාතික ආරක්‍ෂාව ශක්තිමත්ව පවත්වාගැනීමේ ඇති වැදගත්කම මෙන්ම සංචාරක කර්‌මාන්තය, විදේශ ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කරගැනීම සඳහා ද ජාතික ආරක්‍ෂාවේ ඇති දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයා විසින් පැහැදිලි කරනු ලැබුවා.

එහිදී ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ මූලිකාංගයක් ලෙස දේශසීමා ආරක්‍ෂණය සඳහා සෑම ආයතනයක් කෙරෙහිම ඇති වගකීම පිළිබඳව ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදි. මෑතකදී ඇති වූ නව ප්‍රවණතාවන් වන නීතිවිරෝධී විදේශීය සංක්‍රමිකයන්, දේශසීමා හරහා සිදුවන මිනිස්, මත්ද්‍රව්‍ය සහ වෙනත් තහනම් භාණ්ඩ ජාවාරම්, අන්තවාදී, ත්‍රස්තවාදීන්ගේ ආගමනයන්/විගමනයන් මෙන්ම මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ දැලට හසු නොවී පළායෑම් තුළින් මෙරට ජාතික ආරක්‍ෂාවට ඇතිවන තර්ජනයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

එම තත්ත්වයන් කඩිනමින් මැඩපැවැත්වීමට රජයට ඇති අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් අවධාරණය කෙරුණා.

කලාපීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්, දේශසීමා ආරක්‍ෂණය පිළිබඳව ශ්‍රී ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තර සම්මුති සහ ප්‍රඥප්තීන්ට අනුව බැඳී සිටින බව ද අවධාරණය කළා.

මෙරට දේශසීමා ආරක්‍ෂණය සඳහා ඕස්ට්‍රේලියානු රජය, කැනඩා රජය මෙන්ම IOM ආයතනය විසින් දක්වන ලද සහයෝගය ද ඇගයීමට ලක්කර ස්තුතිවන්ත වූ ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරියේ දී ද දේශසීමා ආරක්‍ෂණය සඳහා ඔවුන්ගේ සහාය අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01