spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ජන බලවේගයට එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් හෙළාදකී

ජාතික ජන බලවේගය අද (26) දිනයේ සංවිධානය කර තිබූ විරෝධතාවට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හෙළා දැක තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා එම ට්විටර් පණිවුඩයේ දැක්වුණේ “කිසිම නායකයෙක් හෝ පක්ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත, ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි. අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවිය. මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය. ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය.” යනුවෙන්.

මැතිවරණය පවත්වන ලෙස රජයට බල කරමින් ජාතික ජන බලවේගය කොළඹ දී අද (26) සංවිධානය කර තිබූ විරෝධතාවට පොලිසිය විසින් කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

මෙහිදී විරෝධතාකරුවන් විස්සකට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

4 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?