ජාතික ජන බලවේගයට එල්ල කළ ප්‍රහාරය විපක්ෂ නායක සජිත් හෙළාදකී

ජාතික ජන බලවේගය අද (26) දිනයේ සංවිධානය කර තිබූ විරෝධතාවට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හෙළා දැක තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා එම ට්විටර් පණිවුඩයේ දැක්වුණේ “කිසිම නායකයෙක් හෝ පක්ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත, ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි. අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවිය. මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය. ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය.” යනුවෙන්.

මැතිවරණය පවත්වන ලෙස රජයට බල කරමින් ජාතික ජන බලවේගය කොළඹ දී අද (26) සංවිධානය කර තිබූ විරෝධතාවට පොලිසිය විසින් කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

මෙහිදී විරෝධතාකරුවන් විස්සකට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

4 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14