මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී අද (13) උදෑසන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් රැලිය පවත්වා තිබෙනවා.
එම රැලිය නිමා කර යලි යමින් සිටි පිරිසකට බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ මග රැක සිටි පිරිසක් විසින් පහර දී තිබුණා.
පහරදීම හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකරනු ලබනවා.














පිරිසක් 88/89 මතක් කර ගන්න කියනවා.පිරිසක් බටලන්ද මතක් කර ගන්න කියනවා.පිරිසක් නිලලත් කලු බලල්ලු/කහ බල්ල්ලු මතක් කර ගන්න කියනවා.පිරිසක් මහාචර්‍ය සරත්ස්චන්ද්‍රට සැලකූ විදිය මතක් කර ගන්න කියනවා. පිරිසක් රගර් ක්‍රීඩකයන් පත්‍ර කතෘවරුන් මතක් කර ගන්න කියනවා.අනේ මන්දා.අපට ලිච්චවී පාලකයෙක් කවදා ලැබේවිද?