ජාතික ගීය විකෘති කිරීම ගැන පොලිසියෙන් විමර්ශනයක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘතිකර ගායනා කිරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පිළිබඳ පොලිස් නීති කොට්ඨාසය මඟින් මේ වන විට අධ්‍යයනයක නිරත වෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස් මූලස්ථානයටත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බැවින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් පොලිස් නීති අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකරට කළ නියෝගයකට අනුව මෙම නීති අධ්‍යයනය සිදු කරන බව සඳහන්ය.

මෙහිදී නීතිපතිවරයාගෙන් ද පොලිස් නීති අංශය සහාය ලබා ගැනීමට නියමිතව ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවත් ජාතික ගීයට අගෞරවයක් කළ බවටත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සිදුවන්නේ මෙම නීති අධ්‍යයනයෙන් පසුව බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23