මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘතිකර ගායනා කිරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පිළිබඳ පොලිස් නීති කොට්ඨාසය මඟින් මේ වන විට අධ්‍යයනයක නිරත වෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස් මූලස්ථානයටත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බැවින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් පොලිස් නීති අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකරට කළ නියෝගයකට අනුව මෙම නීති අධ්‍යයනය සිදු කරන බව සඳහන්ය.
මෙහිදී නීතිපතිවරයාගෙන් ද පොලිස් නීති අංශය සහාය ලබා ගැනීමට නියමිතව ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවත් ජාතික ගීයට අගෞරවයක් කළ බවටත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සිදුවන්නේ මෙම නීති අධ්‍යයනයෙන් පසුව බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

URESHA, NIROSHA, FALLEN, UPEKA, SHASHIKA, SAMITHA WANI ATHI DAKSHAYIN PIRISAK INNA RATAKA SINHALA BERI KENEK ARAGENA ADHAGENA NALA NEDHA. UMARA TA BENALA WEDAK NAHE. EYI KALIN REHERSAL THIYUWE NAHTHIDHA? HEMA EKEMA EKA WARA 4-5KA ANGILI GAHANA MOHAN KARAYA MEKA BALUWE NATHI DHA. LAJJAYI YAKO ANADA NALANDA DEKATAMA.