ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීම අරඹන බව ජනපති කියයි

ආර්ථික ප්‍රවනතා සහ දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කණ්ඩායමේ වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකා උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට ඊයේ (18) එක්වෙමින්.

අනාගත අභියෝග අවි ආයුධවලට පමණක් සීමා කළ නොහැකි බවත් ඒවාට මුහුණදීමට ඉහළ නිපුණතාවයකින් මෙන්ම නවීන තාක්ෂණ දැනුමෙන් යුත් ආරක්ෂක හමුදාවක් ගොඩනැඟීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එසේම ආරක්ෂක හමුදාවන්ගේ සුබසාධනය සහ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබෙන බවත් ඒ පිළිබඳ මෙම නව ජාතික ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

“අද නාවික හමුදාවේ සේවය සඳහා ඔබ එක්වනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාව ආරම්භයේදී අපට සමුද්‍රීය තර්ජනයක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන් ඉන්දියන් සාගරය පාලනය කළේ මහා බ්‍රිතාන්‍යයේ නාවික හමුදාව. එම නාවික හමුදාව ඉන්දීය සාගරයෙන් පිටව යාමෙන් පසු අපට ගැටලු තිබුණේ නැහැ. නමුත් 1983න් පසුව අපට යුද්ධයකට මුහුණදීමට සිදු වුණා. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය මුහුදු යාත්‍රාවලින් දක්ෂතා පෙන්නුවා. ඔවුන්ට මුහුද අලුත් අත්දැකීමක් වුණේ නැහැ.නමුත් අපට මුහුද ගැන හැදෑරිය යුතුව තිබුණා. ටික කලකින් පසු අපේ ආරක්ෂක හමුදාවන්ගේ කැපවීම සහ දක්ෂතා නිසා මෙම මුහුදු කොටි සංවිධානය නැති කර දැමීමට හැකියාව ලැබුණා. අපේ නාවික හමුදාව මෙවැනි සටන්වලට දක්ෂ බවට එදා පිළිගැනීමක් ලැබුණා.
සෝමාලියාවේ සිටි මෙවැනි කණ්ඩායම් පාලනය කිරීමට ලෝකයේ ප්‍රධාන නාවික හමුදා ගණනාවක් අවශ්‍ය වුණා. නමුත් අපට මෙය තනිව සිදුකිරීමට හැකි වුණා. දැන් යුද්ධය අවසන්ව වසර 14ක් ගතවී තිබෙනවා. දැන් අප වර්තමානය සහ අනාගතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අද අපට මුහුණ දීමට සිදුව තිබෙන්නේ 2009 හෝ 1983 පැවති තත්ත්වයට නොවෙයි. අද ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ තිබෙනවා. එක පසෙකින් පැසිෆික් සාගරයේ ඇමරිකාවත්, චීනයත් අතර බල අරගලයක් තිබෙනවා. අනෙක් පසින් යුක්‍රේනය සහ බටහිර රුසියාව අතර බල අරගලයක් තිබෙනවා. එම බල අරගලය අපේ හමුදාව සේවය කරන මාලි රටේ අසල්වාසි රට වන අප්‍රිකාවේ නයිජර් රටටත් පැමිණ තිබෙනවා.
ඉන්දියන් සාගරයේ තමයි ලෝකයේ වැදගත්ම වෙළෙඳ මාර්ගය පිහිටා තිබෙන්නේ. ශ්‍රී ලංකාව එහි වැදගත් ස්ථානයක් ගන්නවා. අප මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී නොවි ඉදිරියට යා යුතුයි. එහිදී අපේ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
විශේෂයෙන් අභ්‍යන්තර තර්ජන එනම් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීම්වලින් තමයි බොහෝ රටවලට අභ්‍යන්තර තර්ජන එල්ල වන්නේ. මේ සඳහාත් අප සූදානම් විය යුතුයි. අද ලෝක දේශපාලනයට අප සම්බන්ධ වී සිටිනවා. අප කැමති වුණත්, අකමැති වුණත් අප ඒ පිළිබඳ සිතිය යුතුයි.එසේ නම් මෙරට අනාගත ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. යුරෝපයේ සෑම රටක්ම වසර පහෙන් පහට හෝ දහයෙන් දහයට එවැනි සමාලෝචනයක් සිදුකරනවා. රටට තිබෙන තර්ජන කුමක්ද, රටට ඇති සම්පත් කෙසේද සහ ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳ සමාලෝචනයක් ඔවුන් සිදු කරනවා. ඒ අනුව තමන්ගේ හමුදා බලයත්, ආර්ථික ශක්තියත් සංසදනය කරමින් තීන්දු තීරණ ගනු ලබනවා. අපත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
අද ඩෝනර් වැනි නවීන තාක්ෂණික උපකරණ විශාල වශයෙන් පවතිනවා. ඉන්දියන් සාගරයේ සබ්මැරින් යාත්‍රා භාවිතය වැඩි වී තිබෙනවා. එසේනම් අපේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් සබ්මැරීන් යාත්‍රා පාලනය කරන වැඩසටහනක් ඇති කිරීමට අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අනාගතයේ දී ගුවන් යානා ද ඩෝනර් ද ක්‍රියාත්මක වන්නේ කියා අපට කිව නොහැකියි. අදට වඩා වැඩි තාක්ෂණයක් ඉදිරියේ දී භාවිතා කළ යුතු වෙනවා.රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් සීග්‍ර වර්ධනයකට යා හැකි නම් ඒ සදහා අවශ්‍ය මුදල් වැය කළ හැකියි. දුප්පත් රාජ්‍යයක් ලෙස අපට මෙම කටයුතු කිරීම අසීරුයි. අතීතතයේ සිට අනාගත අභියෝගවලට මුහුණ දෙන්න බැහැ.
ඒ නිසා මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. නව ආර්ථික ප්‍රවනතා, දේශගුණික විපර්යාස යන මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සමාලෝචන වාර්තාව සකස් කළ යුතුයි. එම වාර්තාව ලැබීමෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයේ නවීන ආරක්ෂක ප්‍රතිපත්ති සකස් කිරීමට අපේක්ෂා කරනවා.
Defense 2030 මෙම වාර්තාව සැකසීම සදහා අවශ්‍ය සමාලෝචන කණ්ඩායම හිටපු මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පත් කර තිබෙනවා. එම වැඩකටයුතු සඳහා වෙනම කාර්යාලයකුත් ඇති කර තිබෙනවා. අනාගත අභියෝග අවි ආයුධවලට පමණක් සීමා කළ නොහැකියි. එසේම එය මුදල්වලට පමණක් සීමා කරන්න බැහැ. ඒ වගේම ඔබේ සුබසාධන කටයුතු පිළිබඳවත් හමුදා සේවයෙන් පසු ඔබේ අනාගතය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඔබේ කැපවීම අප අගය කරනවා ඒ පිළිබඳව ද මෙම නව ආරක්ෂක සමාලෝචනයට ඇතුළත් කිරීමට මම අපේක්ෂා කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14