AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගොනු කළ නඩුවකට විවෘත වරෙන්තුවකට අදාළවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අද (21) දින අලුයම 03.19ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරණ ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී ආගමන විගමන නිලධාරීන් විසින් මොහුව පළමුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු අසංක අබේගුණසේකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?