ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙරට තුළ පිහිටුවීමට ජනපතිගෙන් යෝජනාවක්

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙරට තුළ පිහිටුවීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙම විශ්වවිද්‍යාලය පිහිටුවන ලෙසයි ජනධිපතිවරයා, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා අතර අද (30) පැවති හමුවක දී සඳහන් කර ඇත්තේ.

පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී මෙම හමුව සිදු වූ බවයි ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආසියානු බැංකු සභාපතිවරයා හමුව page 001 650x919 1