ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ නායකයන් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් අද පෙරවරුවේ (07) සිදු වුණා.

ජූනි 6 සහ 7 දෙදින කොළඹ පැවැත්වෙන දකුණු ආසියාවේ රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල නායකයන්ගෙන් සමුළුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම මෙම හමුවෙහි මූලික අරමුණයි.

ලෝක ආපදා වාර්තාව 2022 ප්‍රකාශයට පත් කිරීම ද මෙම සමුළුවේ දී සිදු වූ අතර එහි පිටපතක් සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රතු කුරුස පනත බලාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පනත බලාත්මක කිරීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීමට සහ රට පුරා සිටින අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට කාර්යක්ෂම සේවා සැපයීමට ඉවහල් වන බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ කෙරහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත්, එමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය තහවුරු කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝජිතයන් සමග සාකච්ඡා කරනු ලැබුවා.

මානුෂීය ගැටලු විසඳීමේ දී සහ ආපදාවන්ට මුහුණදීමේ දී ජාත්‍යන්තර මානුෂීය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ද ජනාධිපතිවරයා මෙහිදී සහතික කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01