ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කෙරුණා – මුදල් රාජ්‍ය ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අවසන් කරමින් ඇති කරගත් කාර්යමණ්ඩල එකඟතාව, බහුපාර්ශ්වික ණය හිමියන්ගේ හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුම අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍යව තිබූ කාර්ය මණ්ඩල එකඟතාවයට අප ඊයේ (19) රාත්‍රියේ එළඹුණා.

ඊට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක් පුරා පුළුල් ලෙස සමාලෝචන කරමින් අප සමඟ සාකච්ඡා සිදුකලා. එහිදී විවිධ විෂයයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු නිසා එක් වරම කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට නොහැකි වුණා.

ඒ නිසා මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවේදී අපි මේ පිළිබඳව තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වන විටත් විවිධ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට සිදු වූ නිසා අප නැවත ලංකාවට පැමිණ ඔවුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡා කළා. ඒ අනුවයි ඊයේ රාත්‍රියේ මෙම එකඟතාවයට ඒමට හැකියාව ලැබුණේ. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡා සිදු කෙරුණා.

2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීමට අනුමැතිය ලැබුණු දා සිට එහි අපට තිබූ හිතකර තත්ත්වය පිළිබදව නොතකා පසුගිය සති කිහිපය වන විටත් ඇතැම් පාර්ශව වෙතින් යම් යම් බාධා කිරීම් සිදුවුණා. ඇතැම් කණ්ඩායම්වලට මෙම සාකච්ඡා පිළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කළා. එහිදී ඔවුන් කටයුතු කලේ දෙවැනි වාරික මුදල අපට ලැබෙයිද යන්න සම්බන්ධව සාමාන්‍ය ජනතාවටත් අනෙක් පාර්ශ්වයන්ටත් සැකයක් ඇතිවෙන ආකාරයටයි.

නමුත් දෙවැනි වාරිකය ලබාගැනීමට හෝ ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය ගැනීමට අප කිසිම බියක් ඇතිකර ගතයුතු නැති බව අප පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් දැඩිව අවධාරණය කළා. රජයක් ලෙස අපට ඒ විශ්වාසය තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය කිරීම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව මගින් බහුපාර්ශ්වික ණය හිමියන්ට හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව කිව යුතුයි.

ඒ වගේම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම (SLA) හරහා හරහා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල වෙත ඉතිරි වාරික ගෙවීමට හැකියාව ලැබෙනවා. එමගින් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ එකඟතාවන් ද නුදුරේදීම අවසන් කළ හැකියි. රජයේ ප්‍රධානතම අරමුණ වුනේ දූෂණය අවම කිරීම සහ විනිවිද භාවය වැඩි කිරීමයි.

ලංකාවේ ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ගෙන ඒම පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසා කළා. එමගින් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයට තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කෙරුණා.

ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අපට මෙය බෙහෙවින් අවශ්‍ය වූණා. මේ කාර්ය මණ්ඩල එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය ලැබීමට නියමිතයි.

ඒ වගේම මෙම කටයුතුවලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබාදුන් නායකත්වය පිළිබඳව මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. පසුගිය කාලයේ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග, නායකත්වය සහ ජනාධිපති කාර්යාලය වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිළධාරීන්ගේ දායකත්වය මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එහි නිලධාරීන්ගේ සහයෝගය සහ කැපවීම මෙහිදී ඉහළින් අගය කළ යුතුයි. එමඟින් මෙම කාර්යයන් ඉටු කිරීම අපට ඉතා පහසු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56