ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මැද නෙදර්ලන්ත ක්‍රීඩකයින්ගේ ‘පන්දු දඩයම’ (ඡායාරූප)

එංගලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය නෙදර්ලන්තයේ – ඇම්ස්ටල්වින් හිදී අද (17) ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.

ඒ, අනුව එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 02ක් දැවී ලකුණු 274ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර මෙම ජාත්‍යන්තර තරගයේ අපූරු ඡායාරූප කිහිපයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට සිය නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා.

ඒ, තරගය අතර තුර නෙදර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් විසින් කැලයට ගිය පන්දුව සොයන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්.

“පන්දු දඩයම” යන උදෘතය යටතේ මෙම ඡායාරූප ඔවුන් විසින් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබුණා.

කෙසේ වෙතත් මෙම අපූරු ඡායාරූපවලට ක්‍රිකට් ලෝලීන් හරි විනෝද ජනක අදහස් එක්කර ඇති ආකාරය දැකගත හැකි වුණා.

අන්තර් ජාතික ක්‍රිකට් තරගයක සිදු වූ මෙම සිදුවීම, බොහෝ දෙනෙකු සිය කුඩා කළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අවස්ථාවේ මුහුණ පෑ මෙම අත්දැකීම යළිත් වරක් මතක්කර දෙන සිදුවීමක් වුණා.

288464291 5780515541967494 8601793224393356484 n
288960753 5780515551967493 1092795813765409073 n
8



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39