ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට ස්ථාන මාරුවීම් (නිවේදනය සහිතයි)

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි රාජ්‍ය නිවේදිත නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුකිරීම් හා නව පත්කිරීම් සිදු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් පස්දෙනෙකු මෙලෙස ස්ථාන මාරුවීම් සිදු කළ බවයි.

සුබසාධක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරී ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි එල්.එම්.එස්.බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී.යූ.සී. හේරත් මහතා ස්ථාන මාරුවීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව තවත් නිලධාරීන් ස්ථාන මාරු වීම් සිදු කර ඇත්තේ පහත දැක්වෙන පරිදියි..