spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජස්ටින් ලැන්ගර් 2024 අයි.පී.එල්. තරග බිමට

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන ජස්ටින් ලැන්ගර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සදහා ගිවිසුම් ගතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එළෙඹෙන 2024 අයි.පී.එල්. තරගාවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු තම වගකීම භාරගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ෆ්ලවර්ගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමත් සමඟ එම කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙම තීරණය ගෙන තිබෙනවා.

2022 වසරේ දී ලක්නව් අයි.පී.එල්.ගමන ආරම්භ කළ අතර, ඔවුන් මෙතෙක් සහභාගී වූ වාර දෙකෙහිම ප්ලේ-ඕෆ් සඳහා සුදුසුකම් ලබමින් පසුගිය වාර දෙක තුළ වඩාත්ම ස්ථාවර කණ්ඩායමක් බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?