spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජවිපෙ විරෝධතාවයෙන් මාර්ගයක් අවහිර වෙයි

ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිවයි ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ.

එම විරෝධතා පාගමන අතර උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිවයි කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත්තේ.

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?