ජවිපෙ මැයි දින පෙළපාලිය BRC පිටියෙන් ගමන් අරඹයි

ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින පෙළපාලිය මීට සුළු වේලාවකට පෙර ගමන් ආරම්භ කළා.

කොළඹ BRC පිටියෙන් ආරම්භ වූ මෙම පෙළපාලිය මැයි දින රැලිය පැවැත්වෙන කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට පැමිණීමට නියමිතයි.

ඉන් අනතුරුවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මැයි රැළිය පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ.