ජල ටැංකියට වැටුණු  පිය පුතු දෙදෙනා මෙලොව හැර යාමේ නොඇසූ කතාව

“ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පේන්න තිබුණා. පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. පසුව සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුළේ තිබී

ගොඩට ගත්තා” යැයි අක්මීමන, බටදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක යන්ත්‍රෝපකරණ සිසිල් කිරීම සඳහා ඉදිකොට ඇති භූගත ජල ටැංකියකට ඇද වැටීමෙන් මියගිය පිය පුතු දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙකී කම්හලේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු වන රණේපුර හේවගේ චමින්ද ලක්මාල් ධර්මරත්න (44) නමැත්තා එසේ කීවේය.

භූගත ජල ටැංකියට ඇදවැටී දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ හවුපේගෙවත්ත, තල්ගම්පල, ගාල්ල ලිපිනයේ පදිංචිව සිටි මෙම කම්හලේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු වන උඩුබැට්ටව වැදිගේ සේනාල් දිනුෂ ගුණසේන (37) සහ ඔහුගේ පුතා වන සිතුක විහස් ගුණසේන (08) නමැති දරුවෙකි.

මියගිය සිතුක විහත් ගුණසේන පුතුගේ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකළ අතර පියා වන සෙනාල් දිනුෂ ගුණසේන නමැත්තාගේ හදිසි මරණ පරීක්ෂණය බටදූව හදිසි මරණ පරීක්ෂක එස්. එන්. විතානගේ මහත්මිය විසින් සිදුකරනු ලැබුවාය.

හදිසි මරණ පරීක්ෂණයේ දී තවදුරටත් සාක්ෂි දෙමින් ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරවරයා මෙසේද කීවේය.

“මියගොස් සිටින්නේ මා වැඩකරන ආයතනයේ සේවය කරන විධායක නිලධාරියකු වන සේනාල් හා ඔහුගේ පුතායි. අප්‍රේල් 08 වැනිදා සිට 18 දා තෙක් ආයතනයේ සේවක සේවිකාවන්ට නිවාඩු දීලා තිබුණේ. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පවරලා තිබුණා දිනකට දෙදෙනා බැගින් කම්හලට පැමිණ පරීක්ෂාකොට බලා වාර්තාවක් දෙන්න. ඒ අනුව සේනාල්ට හා ප්‍රභාත්ට මෙදින මෙම රාජකාරිය පැවරිලා තිබුණා. සේනාල් කර්මාන්ත ශාලාව පෙන්වීමට පුතා සමග ඇවිත් තියෙනවා.

සාමාන්‍යයෙන් පොඩි ළමුන්ට කාර්මාන්ත ශාලාව ඇතුළට යන්න දෙන්නේ නෑ. නිවාඩු දිනයක් නිසා සහ සේනාල් විධායක ශ්‍රේණියේ නිලධාරියකු නිසා එම අවස්ථාව සේනාල්ට ආරක්ෂක අංශ මගින් ලබාදී තිබුණා. එදින උදෑසන 10.25 ට තමයි සේනාල් පුතා සමග කම්හල ඇතුලට ගිහින් තිබුණේ. ආරක්ෂක අංශයෙන් මට කීවා සේනාල් මහත්තයා පුතා සමග කම්හල ඇතුළතට ගියා තවම ආවේ නැහැ කියලා. මා ආයතනයට එනවිට 11.30 විතර වුණා. මා ආරක්ෂක අංශයට කීවා සේනාල්ට දුරකථන ඇමතුමක් ගන්න කියලා. දුරකථනය ක්‍රියාවිරහිත වෙලා තිබුණේ. මා ආරක්ෂක අංශයේ අයෙකු සමග කම්හලේ ඇතුළත රවුමක් ඇවිදලා බැලුවා. නමුත් සේනාල් හමුවුණේ නෑ. මා ආරක්ෂක අංශයේ අයට කීවා, සේනාල් ආපුවහම මට දුරකථන ඇමතුමක් ලබාදෙන්න කියලා. මා කම්හලේ අනිකුත් අංශවලට ගියා. මට දුරකථන ඇමතුමක් ආවා මිල් ටැංකියෙන් හිසක් පේනවා කියලා. ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පේන්න තිබුණා. මා ආරක්ෂක අංශයේ අයෙකු සමග එක්වී ටැංකියේ අයිනට පුතාව ගත්තා. පසුව මා විසින් පුතාව ඔසවලා ගොඩට ගත්තා. මගේ වාහනයෙන් පුතාව කරාපිටිය රෝහලට රැගෙන ගියා. සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුලේ තිබි ගොඩ අරගෙන තිබුණා.”

මියගිය සේනාල්ගේ බිරිඳ වන හවුපේ විතානගේ නයෝමි සමන් කුමාරි (36) තම දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටි ගැබිනියකි. ඇය හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

“මා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරනවා. මියගොස් සිටින්නේ මගේ පුතා හා සැමියා යි. සැමියා විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කරනවා. පුතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

මා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් සමග කරාපිටිය රෝහලට ගියා. මෙම ආයතනයේ වැඩකරන අය රෝහලේ සිටියා. මහත්තයා හා පුතා වතුර ටැංකියක වැටී මියගොස් ඇති බව දැන ගත්තා.”

පශ්චාත් මරණ පරීක්ෂණ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. කේ. ඩයස් මහතා විසින් සිදු කළේය. ඉදිරිපත්වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවී ඇති බවට තීන්දු කරනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11